දේශීය පුවත්
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට නිවේදනයක්

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන් හි සුපිරි වෙළෙඳසැල්, ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් සහ ඔසුසැල් හෙට (16) දින උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතී.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.