දේශීය පුවත්

නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් නාගොඩ රෝහලින් පැන යයි

නිරෝධායනය සඳහා යොමුකර සිටින අතරතුර මානසික රෝග ප්‍රතිකාර සඳහා කලුතර නාගොඩ මහ රෝහලට ඇතුලත්කර සිටියදී රෝහලෙන් පැනගොස් තිබූ කාන්තාව යළි රෝහල් බළධාරින්ගේ භාරයට ගෙන තිබේ.

පසුව ඇය අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යොමුකර ඇත.

ඔස්ට්‍රේලියාවේ සිට පසුගියදා මෙරටට පැමිණ තිබූ මෙම කාන්තාවගේ වයස අවුරුදු 80ක් පමණ වන අතර නිරෝධායනය සඳහා ඇයව අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබුණා.

එම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදීයි ඊයේ (28) අලුයම මෙම කාන්තාව නාගොඩ රෝහල වෙත ඇතුලත් කර තිබු අතර එහිදී අවස්ථා කිහිපයකදීම ඇය රෝහලෙන් පැනයාමට උත්සහ දරා ඇති අතර රෝහල් කාර්මණ්ඩලය එය වළක්වා ඇති බව සඳහන්.

ඊයේ (28) උදෑසනද මෙම කාන්තාව යළිත් වරක් රෝහලෙන් පැනගොස් ඇති අතර පසුව ඇයව සොයාගෙන තිබුණේ කෑගල්ල ප්‍රදේශයේදීයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇත්දැයි මේ දක්වා තහවුරු වී නොමැති අතර සැක සහිත රෝගී ලක්ෂණද පෙන්නුම් නොකරන බව නාගොඩ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button