දේශීය පුවත්
නව රජයේ ප්රතිපත්ති ප්රකාශය සම්මත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අභිනව රජයේ ප්රතිපත්ති ප්රකාශය අද (21) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.
අද උදෑසන සිට නව රජයේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය ආරම්භ විය.
මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිපුන රණවක විසින් පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කර තිබුණි.
ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.