නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු ධුරයක් නොලබපු අය මෙන්න

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මහනුවර මගුල් මඩුවේදී දිව්රුම් දෙනු ලැබුවා.
පෙරවරු 9 ට පමණ මෙම උත්සවය ආරම්භවූයේ ආගමික වතාවත්වලින් අනතුරුවයි.

මෙහිදී පළමුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කිරීමයි සිදුවූයේ.
අනතුරුව රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් දිව්රුම් දෙනු ලැබුවා.
මෙම ලැයිස්තුවට ඇතුළත් රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු සහ කැබිනට් අමාත්‍යවරුන් 03 දෙනෙකු මින් ඉහත කිසිදු ඇමතිකමක් දරා නොතිබීම විශේෂත්වයක්.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට මෙවර කැබිනට් හෝ රාජ්‍ය ඇමති තනතුරු හිමිවී නැහැ.
සුසිල් ප්‍රේම්ජයන්ත් / රංජිත් සියඹලාපිටිය / විජයදාස රාජපක්ෂ / එස් බී දිසානායක / අනුර ප්‍රියදර්ශන යාපා සහ මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් ඒ අතර වනවා.
දිව්රුම්දීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට එක්වූ බවයි නිව්ස් රේඩියෝ මහනුවර වාර්තාකරු සඳහන් කලේ.