විදෙස් පුවත්

නව කොරෝනා වෛරස සාම්පලයක් භාණ්ඩ ඇසුරුමක් මතතිබී හඳුනාගනී

අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සමත්ව ඇත.

මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකුම හදුනාගැනීමෙන් පසුව සිදුකළ පර්යේෂණයකින් අනතුරුවය.

මෙසේ වෛරසය හදුනාගෙන ඇත්තේ ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් මත තිබියදී ය.

බලධාරීන් විශ්වාසය පළකරන්නේ වෛරසය පවතින එම පෘෂ්ඨ ස්පර්ශකිරීමෙන් ඔවුන් මෙසේ රෝගී වන්නට ඇති බවය.

භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බවද චීන සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button