දේශීය පුවත්

නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව දීමේ සුදානමක්

Preparations to give priority to investors in pharmaceuticals when approving new investments

මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද අපේක්ෂා කරන බවයි.

කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී මෙරට ඉදිකෙරෙන පලමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලේය.

දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකිරීම් ඇරඹුණු මෙම කර්මාන්ත ශාලාව රදැල්ල සමූහ ව්‍යාපාරයේහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

එය රුපියල් බිලියන 3.5ක ආයෝජනයකි. වසර දෙකක් තුල මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතයි.

කර්මාන්ත ශාලාව ඉදිකර සිය නිෂ්පාදන ඇරඹීමත් සමග වෙලඳපොලේ ඇති වටිනාකමින් 1/3ක මිලකට ඖෂධ සැපයීමට හැකිවන බව නව සමාගම කියයි.

ඒ අනුව ඖෂධ සඳහා වසරකට පිටරටට ඇදීයන ඩොලර් මිලියන 10ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button