දේශීය පුවත්

නවක වධකයන්ගේ කෙරුම් ඉවර කරන්න බුද්ධි අංශවල අවධානය

විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වධ ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර තිබේ.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීමට සහාය ලබාදීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළකර ඇත.

AV Rase

මේ අනුව විශ්වවිද්‍යාල තුළ සිදුවන සියලුම ආකාරයේ නවක වද සිද්ධීන් පිළිබඳ බුද්ධි අංශ හරහා තොරතුරු ලබාගෙන එමගින් හඳුනාගන්නා නවකවධය ක්‍රියාත්මක කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම කටයුතු සඳහා සහාය ලබාදීමට සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් තීරණය කර තිබෙන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button