ගොසිප් පුවත්
නංගි මෙතන හිටියේ දණ ගගා, එතකොට මම දැක්කා නරියෙක් එනවා නරියා නංගිගේ කකුලේ එල්ලුණා

හොරණ, මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් වයසැති දැරියක් සිවලෙකුගේ සපාකෑමෙන් රෝහල් ගත කෙරුණා.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 5 කින් මසක් ඇතුළට සිවල් සපා කෑම් 50කට වැඩි
හොරණ මීමනපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දක් වයසැති දැරියක මෙලෙස සිවලෙකුගේ සපා කෑමකට ලක්ව තිබුණේ නිවස තුළ සෙල්ලම් කරමින් සිටියදී.
එම අවස්ථාවේ අදාළ නිවසේ තවත් දරුවන් දෙදෙනෙකුද රැඳී සිට තිබෙනවා.
තුවාල ලැබූ දැරිය හොරණ රෝහලට ඇතුළත් කෙරුණා.
ප්‍රදේශවාසීන් එක්ව දරුවා සපා කෑ සිවලා ඝාතනය කර තිබෙනවා.
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී සමන් ගීගනගේ මහතා පැවසුවේ පසුගිය සමයේ සිවල් සපාකෑම්වලට සහ සිවලුන් සපාකෑ සුනඛයින්ගේ සපාකෑම්වලට ලක් වූවන් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජලභීතිකාව වැළඳීමෙන් මියගොස් ඇති බවයි.
සිවලුන්ගේ සපා කෑම් වාර්තාවීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ සිවල් තර්ජන ඇති ප්‍රදේශවල සුනඛයින් එන්නත් කිරීමේ වැඩසටහන්ද පසුගිය දිනවල ක්‍රියාත්මක වුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව ගෙවුනු කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, මදුරාවල, ඉංගිරිය, හොරණ සහ වාද්දුව යන ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු සිවල් සපාකෑම්වලට ලක්ව ඇති අතර සුනඛයින් 30 දෙනෙකුද සිවලුන්ගේ සපාකෑම්වලට ලක්ව තිබුණා.
ඊට අමතරව මී ගවයින් 5 දෙනෙකුද සිවලුන්ගේ සපාකෑම්වලට ලක්වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා දී තිබුණා.
මාස ගණනක් තිස්සේ තමන් පීඩා විඳින මෙම ගැටලුවට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය සමයට සාපේක්ෂව මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවයි.
https://youtu.be/VSL2fOjB1YA