දේශීය පුවත්

දේශපාලන පළිගැනීම් සොයා බලන නව සභාපති ගාමිණි ලොකුගේ පත් කරයි

Gamini Lokuge appoints new chairman to look into political revenge

රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන කමිටුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පත් කර තිබෙනවා.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කලේ මහින්ද යාපා අබේවර්ධන මහතායි.

ඔහු කථානායක ධූරයට පත්වීමත් සමග නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පත් කෙරුණා.

නව සභාපතිවරයා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

2015-2019 කාල සීමාවේදී රාජ්‍ය සේවයේ සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවට මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා සංඛ්‍යාව 6952 ක්.

ඉන් අභියාචනා 2365 ක් කමිටුවට සෘජුවම ලැබී තිබෙනවා.

මෙම කමිටුවේ මූලික වාර්තාව පසුගිය දා අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button