දේශීය පුවත්

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට ගෙන යාමේ සුදානමක්

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල, කහපොල ප්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ අවධානය යොමු වී තිබෙනවා.

සතුන් කුඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බවත් ඒ නිසා සත්වෝද්‍යානය නවීන ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍ය බැවින් සතුන්ට හිංසාවක් නොවන අයුරින් එය සිදුකළ යුතුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ කෑම බීම සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා මාසිකව රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සහ අතිකාල ගෙවීම සඳහා රුපියල් මිලියන 06ක මුදලක් වැය වන බව මෙහිදී අනාවරණය වී ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද මෙහිදී ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.

මිට අමතරව හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button