දේශීය පුවත්

දෙවන කොරෝනා රැල්ලක අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි

කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කඩිනමින් ඉවත් කළහොත් ඒවායේ දෙවැනි කොරෝනා රැල්ලක් වහා ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝකය තවමත් පවතින්නේ පළමු කොරෝනා ව්‍යාප්ති රැල්ලේ මැදභාගයේයි.

AV Rase

බොහෝ රටවල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුන ද, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ තවමත් වෛරසය තවදුරටත් පැතිරෙමින් පවතිනවා.

වසංගත රෝග බොහෝ විට තරංග ආකාරයෙන් පැතිරිය හැකියි.

ඒ අනුව, පළමු රැල්ල හීනවෙමින් පවතින රටවල මේ වසර අවසානයේ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානී වෛද්‍ය මයික් රයන්, ජිනිවා නුවර සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button