දේශීය පුවත්

දුවිලි ඇල්ලේදී පෙම්වතිය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පෙම්වතා මරුට

ගාල්ල, නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගිය පෙම් යුවළක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී ගලකින් ලිස්සා ගොස් පෙම්වතා දියේ ගිලී මියයාමේ සිද්ධියක් ඊයේ (19) පස්වරුවේ දි වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ (35) හැවිරිදි වැල්ලවත්ත, නෙල්සන් පෙදෙස පදිංචි එන්.එන්. රත්න රාජා නැමති ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ සේවය කරන්නෙකු බව සඳහන්.

මොහු තම පෙම්වතිය සමඟ දුලිඇල්ලේ දිය නෑමට පැමිණ ඇති අතර දිය නාමින් සිටිය දී ගලක් මත නැග සෙල්ෆි ඡායාරූපයක් ගන්නට යාමේ දී පය ලිස්සා වැටීමෙන් පසු දිය පතුලට ගසාගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතිය කෑගසා අවට සිටි අයගෙන් උදව් ඉල්ලා ඇති අතර අවට සිටි අයෙකු වතුරට පැන තරුණයා බේරාගෙන ඇති නමුත් ඒ වනවිටත් ඔහුට වතුර පෙවී අසාධ්‍ය තත්වයේ පසු වී ඇත.

මූලික ප්‍රථමාධාර වලින් ද ඔහුට සුවයක් ලැබී නොමැති අතර පසුව නෙළුව ප්‍රාදේශීය රෝහල වෙත ගෙන යාමෙන් පසු තරුණයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය නෙළුව රෝහලේ තැන්පත්කොට තිබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) කරාපිටිය රෝහලේ දී පැවැත්විණි.

මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බව වාර්තා වන අතර අනතුර සිදු වූ ස්ථානය ලිස්සන සුලු බැවින් අවදානම් බවට දැන්වීම් පුවරු ගණනාවක් දක්වා ඇති නමුත් එය නොතකා සිදු කළ ක්‍රියාවෙන් ජීවිතයක් අහිමිව ගිය බව ප්‍රදේශවාසීන් දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button