දේශීය පුවත්
දුමින්ද සිල්වාට ජනපති ගෝඨාභය සමාව දෙන්නද යන්නේ ?

රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන් පිරිසක් විසින් මිනීමැම් චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
අඟහරුවාදා (ඔක්තෝබර් 20) පැවති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ අත්සන වෙනුවෙන් The Chief Government Whip’s office කාර්‍ය මණ්ඩලය විසින් පෙත්සම සංසරණය කර ඇත.

නමුත් එදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණ සිටි අතර එහි සභාපතිත්වය දැරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.