දේශීය පුවත්
දුම්රිය ප්‍රමාදය ගැන ප්‍රවාහන ඇමති වාර්තාව ඉල්ලයි

නියමිත කාල සටහන් අනුව ධාවනය නොවන දුම්රියන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දී තිබේ.
කිසිඳු ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත්බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේය.
දෛනික දුම්රිය ගමන් වාර 400 කට ආසන්න සංඛ්‍යාවක් දැනට ධාවනය වන අතර එදිනෙදා දුම්රිය භාවිත කරන මගීන් ගණන ලක්ෂ තුන ඉක්මවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තාවට අනුව 2017 වසරේදී දුම්රිය ප්‍රමාද වී ධාවනය කළ ප්‍රතිශතය 56% ක් වන අතර 2018 වසරේදී දුම්රිය ප්‍රමාදය 59% ක් ලෙස වර්ධනය වී තිබේ.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කාර්යක්ෂම දුම්රිය සේවාවක් මගීන් වෙත ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවද ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසීය.