දේශීය පුවත්

දිස්ත්‍රික්ක 05කට පනවා තිබු නාය යාමේ අනතුරු ඇගවීම හෙට සවස 04 දක්වා දීර්ඝ කරයි

දිස්ත්‍රික් 05 කට පණවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීම හෙට (08) පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොළඹ / ගාල්ල / කලුතර / කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් සඳහා එය බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

මේ අතර අඛණ්ඩව වර්ෂාව පැවතියහොත් අත්තනගලූ ඔය ද්‍රෝණියට ගංවතුර අවදානමක් හටගත හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවනවා.

ගම්පහ – ජාඇල මාර්ගය සහ කිරිදිවිට – ගනේමුල්ල මාර්ගයත් කිරිදිවිට අවට පහත්බිම් ද ජලයෙන් යට විය හැකි බවටයි දැනුම් දෙන්නේ.

අද (07) දින රාත්‍රියේ ද යම් වර්ෂාවක් ඇතිවුවහොත් මෙම තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button