දේශීය පුවත්
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්රදේශවල වරාය සේවකයින්ට රැකියාවට එන්න එපා කියයි
Port workers in Divulapitiya and Minuwangoda areas told not to come to work

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි ශ්රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් සඳහා වරාය අධිකාරිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් එම අධිකාරිය දැනුම් දී සිටින්නේ කොවිඩ් 19 අවධානමට ලක්වී ඇති ගම්පහ දිස්ත්රික්කයේ දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්රදේශයේ වාසය කරන ශ්රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු යළි සේවයට වාර්තා නොකරන ලෙසයි.