දේශීය පුවත්

දිවයින පුරා සියලු පාසල් හෙට වසා දැමේ

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදි.

දිවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.

AV Rase

දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින්, එකී වාතාවරණය සකසා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වේ.

ඒ අනුව, මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි.

එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button