
දිවයින පුරා පිහිටි සියලු දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.
බෞද්ධ කටයුතු ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති අතර ඊට සමඟාමීව මෙම තීරණය ගත් බවයි.
පාසල් ආරම්භ කිරීමෙන් පසු නැවත දහම් පාසල් ද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් වලට අනුව අරඹන බවයි අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ.