දේශීය පුවත්

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වර්ෂාපතනයක්

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ නිල්වලා ගෙඟ් ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පානදුගම ජල මිනුම් ස්ථානයේ සුළු ගං වතුර මට්ටමක් සටහන් වන බවයි.

මේ හේතුවෙන් අකුරැස්ස – කඹුරුපිටිය සහ අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගවල අකුරැස්ස නගරයේ ඇති සපත්තු පාලම් අසලින් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බැවින් ඒ හරහා ගමන් ගන්නා වාහන විමසිලිමත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම කළු ගෙඟ් මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළා.

මේ අතර අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම නිසා ආරක්ෂක පියවරක් ලෙස ඉන්දුනීසියාව දෙසට ගමන් කළ ධීවර යාත්‍රා 30 න් ඉන්ධන සහ ජලය අවශ්‍යව පැවති යාත්‍රා 16 කට ඒවා ලබාදී අවසන් බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ එම ධීවර යාත්‍රා තවත් නොබෝ දිනකින් දිවයිනට ළඟාවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button