දේශීය පුවත්

දිවයින් පුරා පුද්ගලයින් 67,000ක් ස්වයං නිරෝධායනයට

මේ වන විට දිවයින් පුරා පුද්ලගයින් 67,000ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන් පවුල් 25‍,000කට අයත් වන අතර, වැඩි පිරිසක් කොළඹ හා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වන බව ද ඒ මහතා කියා සිටියේය.

AV Rase

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,747ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 5,500ක් ලෙස ලෙස පිරිස් නිරෝධායනය වන බව වාර්තා වෙනවා. එම නිරෝධායන ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වෙනවා. යම් හෙයකින් ස්වයං නිරෝධායනයට නියෝග කරන ලද නිවසකින් යම් කෙනෙක් පිටව යනවා නම් හෝ යම් කෙනෙක් එම නිවසකට පැමිණීම වරදක් වෙනවා. එවැනි අවස්ථාවක දී ඒ අයට එරෙහිව නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button