විදෙස් පුවත්

දින 102කට පසු නවසීලන්තයෙන් යළිත් කොරෝනා මතුවෙයි

කොරෝනා වෛරසය සාර්ථකව මැඩ පවත්වමින් අගුලු දැමීම් අවසන් කළ නවසීලන්‍තයේ ඕක්ලන්ඩ් නැවත අගුලු දැමීමට එරට රජය නිවේදනය කර තිබේ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ඕක්ලන්ස්හි එක් නිවසකින් කොරෝනා වෛරස රෝගීන් 04 දෙනෙකු බලධාරීන් විසින් සොයාගෙන ඇති හෙයින් ඕක්ලන්ඩ් අගුලු දැමීමට කටයුතු කරන බව පවසා ඇත.

දින 102කට පසු රට තුළ දේශීයව සම්ප්‍රේෂණය සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

NZ Herald හි වාර්තාවකට අනුව, නව ආසාදිතයා වයස අවුරුදු 50ක් පමණ වන රෝග ලක්ෂණ පෙන්නුම් කරන වෛරසය ධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයෙකි.

ඔහුගේ පවුලේ 06 දෙනෙකුගෙන් යුක්ත වන අතර එම පවුලේ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

ඔහුට විදෙස් සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති අතර ඔහු සමීප සම්බන්ධතා පැවැත්වූවන් දින 14ක් හුදෙකලා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔවුන් සෘණාත්මක බව පරීක්ෂා කරන තුරු කිසිවෙකුට පිටව යා නොහැකි බව සෞඛ්‍ය බලධාරීන් විසින් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button