ගොසිප් පුවත්

දරුවන් බලා සිටියදීම මවක් අධිවේගයේ ලඳු කැලෑවකදී පිරිසක් විසින් සමුහ දුෂණයට ලක් කරයි

පාකිස්තානයේ, පන්ජාබ් පළාතේ අධිවේගී මාර්ගයකදී සිය මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී සිටි කාන්තාවක සිය දරුවන් බලා සිටියදීම සමූහ දූෂණයකට ලක්කිරීමේ සිද්ධියෙන් රටම කම්පනයට පත්ව තිබේ.

එරට ප්‍රධාන අධිවේගී මාර්ගයක අලුයම් කාලයේදී සිදුව ඇති මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පන්ජාබ් පළාතේ ලාහෝර් නගරයේ සිට තම දරුවන් සමග ගුජ්රන්වාලා බලා යමින් සිටියදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේදී මෙම කාන්තාව ස්ත්‍රී දූෂකයන්ට කොටුවී ඇත.

මොවුන් වාහනයේ වීදුරු කඩා, ඇය අසල වූ ළඳු කැලෑවකට ගෙනගොස් සමූහ දූෂණයට ලක්කර ඇගේ මුදල් හා ස්වර්ණාභරණද කොල්ල කා තිබේ.

එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ඇගේ දරුවන් බලා සිටියදීම මෙම කාන්තාව සමූහ දූෂණයට ලක්කර ඇති බවය.

සිද්ධියෙන් ටික වේලාවකට පසුව ලාහෝර් පොලිසියේ ප්‍රධානී උමාර් ෂෙයික් දූෂණයට ගොදුරු වූ තැනැත්තියට දොස් පවරමින්, මෙවැනි වේලාවක තනිවම ගමන් කළේ ඇයිදැයි ප්‍රශ්න කිරීමත් සමග රට තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබුණි.

එමෙන්ම මෙතෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 15 දෙනාගෙන් කිසිවෙකු ඇයට පහර දුන් කණ්ඩායමේ කොටසක් නොවන බවද කියැවෙයි.

මේ නිසා මෙම ස්ත්‍රී දූෂකයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස පාකිස්තානයේ නගර කිහිපයකම උද්ඝෝෂණ සංවිධානය වී තිබුණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button