විදෙස් පුවත්

දකුණු කොරියාව සහ උතුරු කොරියාව යළි ඇවිලෙන ලකුණු

South Korea and North Korea are on fire again

දකුණු කොරියාවේ ධීවර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට, දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරනවා.

ධීවර යාත‍්‍රාවකින් මුහුදේ යාත‍්‍රා කරමින් සිටි එම දකුණු කොරියානු ධීවර නිලධාරියා, දකුණු කොරියාව සහ උතුරු කොරියාව වෙන් කෙරෙන මුහුදු සීමාවේදී අතුරුදන්ව ඇත්තේ පසුගිය සතියේදීයි.

ඔහු ගමන් ගත් යාත‍්‍රාව පසුගිය සඳුදා දිනයේදී මුහුදේ තිබී සොයාගෙන ඇති අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට උතුරු කොරියාව විසින් ඔහු ඝාතනය කර ඇති බවයි දකුණු කොරියානු හමුදාව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button