දේශීය පුවත්
තෙවැනි වරටත් මහනුවර සෙලවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක යළිත් කම්පන තත්ත්වයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ උදය ද සිල්වා සඳහන් කළේ, පෙරේදා (11) රාත්‍රී 11.30ට පමණ මෙම කම්පන තත්ත්වය යළිත් සිදුව ඇති බවයි.
එම කම්පන තත්ත්වය කුණ්ඩසාලේ පන්විල සහ වත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බව වාර්තා වෙයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සතුව ඇති භූ චලන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04 ක එම කම්පන තත්ත්වය සටහන් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම කම්පන තත්ත්වය එම ප්‍රදේශයෙන් වාර්තා විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට හෙට (12) දිනයේදී පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේය.