දේශීය පුවත්
තුන්වන වාරයේ පාසල් නිවාඩුව දින 10කට සීමා වෙයි

2020 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කලේ මෙම වසරේ 03 වාරයේ අධ්‍යයන කටයුතු දෙසැම්බර් 24 වනදායින් අවසන් කිරීමට නියමිත බවය.

2021 වසරේ පළමු වාරය වෙනුවෙන් අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි 04 වනදායි.
ඒ අනුව මෙවසර 03 වන වාරයේ පාසල් නිවාඩුව දින 10 කට සීමාවනු ඇත.