දේශීය පුවත්

තවත් නව කොරෝනා ආසාධිතයන් 10 දෙනෙක් ඇඟලුම් ආයතනයෙන් හමුවෙයි

Another 10 new corona infected people are found at the clothing company

මිනුවන්ගොඩ ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවිකාවන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම ඇගලූම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 90 දෙනෙකුට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ.

AV Rase

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඞ් ආසාධිතයන් ගණන 3493 දක්වා ඉහළ යනවා.

මේ අතර මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලවක සේවක සේවිකාවන් 1280 දෙනෙකු ගේ ජෛව සාම්පල් අද (05) ලබා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අධිකාරි කාර්යාලය පවසනවා.

ඉන් ජෛව සාම්පල් 840 ක් අයි.ඩී.එච්. රෝහලටත් , 330 ක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් , 110 ක් මහරගම අපේක්ෂා රෝහලටත් යැවීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අධිකාරි කාර්යාලය වැඩිදුරටත් සදහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button