දේශීය පුවත්

තවත් අවි ආයුධ තොගයක් හෝමාගම නිවසකින් හමුවෙයි

හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තවත් නිවසක සඟවා තිබු ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

අද (02) අලුයම මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

AV Rase

මෙම වැටලීමේ දී වායු රයිෆලයක් සහ එම උණ්ඩ 600 ක්/ අත්බොම්බ 4 ක් / පිස්තොලයක් / ඩෙටනේටර් 2 ක් / ගල්කටස් වර්ගයේ ගිනි අවියක් / අත්විලංගු ජොඩුවක් සහ ඩී වී ඩී යන්ත්‍ර තුනක් හමුව තිබෙනවා.

මෙම රහසිගත ගබඩාව ගැන තොරතුරු ලැබී ඇත්තේ ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබා දුන් තොරතුරු මතයි.

මේ අතර හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් අවිආයුධ තොගයට අදාලව අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරි මේ වන විට වැඩිදුර විමර්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button