විදෙස් පුවත්

තරුණ ප්‍රජාව අතර කොරෝනා ව්‍යාපත්වීමේ අවධානමක්

තරුණ ප‍්‍රජාව අතර නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ටකේෂි කසායි පෙන්වා දෙන්නේ අවුරුදු 20 ත් – 40 ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින් බහුතරයක් කොරෝනා අවදානම නොසලකා කටයුතු කිරීම ඊට හේතුව බවයි.

එම වයස් කාණ්ඩ වල කොරෝනා ආසාදිතයින් බොහෝ දෙනා, තමන් කොරෝනා ආසාදිතයින් යැයි නොදන්නා බවයි ටකේෂි කසායි වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාකීර්ණ සහ අඩු පහසුකම් සහිත ප‍්‍රදේශ වල වෙසෙන පුද්ගලයින් අතර බහුල වශයෙන් කොරෝනා ව්‍යාප්තිය සිදුවන බව ද නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button