තරු හුට පට

තරුණයන්ගේ සිහින බොද කරවමින් එළියට ආපු ජනප්‍රිය නිළි ප්‍රවීනා දිසානායකගේ සහ පෙම්වතාගේ ජායාරූපය පෙළ

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ කාලයෙන් කාලයට විවිධාකාර නිර්මාණ බිහිවෙන අතර බොහෝමයක් නිර්මාණයන් ලාංකීය ජනයා අතර සීඝ්‍ර ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. එලෙස ජනප්‍රියත්වයට පත් ලාංකිකයන් හැමෝගෙම ආදරය දිනාගත් නිර්මාණයක් ලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍ය හදුන්වන්න පුලුවනි. ඇත්තෙන්ම මෙම ටෙලි නාට්‍යයට සිය රංගන දායකත්වය ලබාදෙන නළු නිළියන් රැසකට මේවෙද්දී ලාංකීය ජනයාගේ ඉහළ ආකර්ෂණයක් ලබාගැනීමට හැකිව තිබෙනවා

කොහොමහරි ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ අපට නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දැකගන්නට ලැබෙන අතර ඔවුන් අතරින් මේ දිනවල කාගෙත් අවධානය හිමිකර ගත් චරිතයක් තමයි ප්‍රවීනා දිසානායක කියන්නේ. ඇයව අපට මෑතකදී මියුසික් වීඩියෝවක් ඔස්සේද දැකගන්නට ලැබුණා. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා මහත්මිය ගායනා කරන මියුසික් වීඩියෝවක රූප රචනයට පෙනී සිටින අතර මේ දිනවල සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි ප්‍රවීනා මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යන අතරතුරේදී international 2 කියන ටෙලිනාට්‍යටත් සම්බන්ධ වෙලා ඉන්නවා

කොහොම නමුත් අනුරාධපුර ප්‍රදේශයේ උපත ලබන ඇය සිය පවුලේ ඉන්න එකම දරුවා බවයි අපට දැනගන්නට ලැබුණේ. ඇගේ පවුලේ ඉන්නේ ඇය සහ මවයි පියායි පමණයි. ඇගේ පියා ව්‍යාපෘතියක් කරනවා. අම්මා රජයේ නිලධාරිනියක්. ඇය ප්‍රාථමික අධ්‍යාපනය එප්පාවල ශ්‍රී සිද්දාර්ථ මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි ලබා ගත්තේ. අනතුරුව ශිෂ්‍යත්වය සමත්වෙන ඇය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය දක්වා ඉගෙන ගන්නවා. මේවෙනකොට ඇය උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා කියලයි අපට දැනගන්නට ලැබුණේ

ඉතින් මේවෙනකොට ජනප්‍රියත්වයට පත් ඇය කලා ක්ෂේත්‍රයට පිවිසි ආකාරය ගැන කියනවානම් ඇයට ක්ෂේත්‍රයට පැමිණීමට අවස්ථාව ලැබී තිබෙන්නේ නාඩගම් කාරයෝ ටෙලි සිත්තමේ ඔබ බොහෝ ආදරය කරන කවඩියාගේ චරිතයට පන පොවන සංගීත් ප්‍රබූ හරහා කියල තමයි අපට දැනගන්නට ලැබුණේ

කොහොම නමුත් මේ දිනවල ඇය කෙරෙහි ලාංකිකයන් සුවිශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඊට හේතුව වෙන්නේ ඇගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වීමයි. කොහොම නමුත් මෙම ජායාරූප දැකපු බොහෝදෙනෙකු හිතුවේ ඒ ඇයගේ පෙම්වතා කියලයි. හැබැයි මේක ඇත්තටම මියුසික් වීඩියෝ එකකට කරපු ෆොටෝ ශූට් කියලයි අපටනම් දැනගන්න ලැබුනේ. ඒ කොහොම උනත් ඇය තවම ආදරය ගැන නම් හිතලා නැහැ කියල තමයි අපිට ආරංචි වුනේ

Back to top button