ක්‍රීඩා පුවත්

තරංගත් අද පොලිස් විමර්ශන ඒකකයට – හෙට සංගක්කාරට කැඳවීමක්

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබුණා.

ඒ, ශ‍්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

එම විශේෂ ඒකකය උපුල් තරංගට දැනුම් දී තිබුණේ අද පස්වරු 02.00 ට එහි පෙනී සිටින ලෙසයි.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරුවේ කැඳවා තිබෙනවා.

එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා පැවසුවේ සංගක්කාර හෙට පෙරවරු 9.00ට කැඳවීම සඳහා මේ වන විට ලිපිය සකස් කරමින් සිටින බවයි.

“කුමාර් සංගක්කාර ඒ කණ්ඩායමේ නායකයා නිසා ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ නිසා සංගක්කාර මහතාත් කැඳවීමට අපි තීරණය කළා” යැයි ෆොන්සේකා වැඩි දුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button