විදෙස් පුවත්
තමිල්නාඩුවේ නිරෝධායන සීමා තවත් මසකින් දීර්ඝ කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ පණවා තිබූ නිරෝධායන සීමා ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
කෙසේවෙතත් හෙට සිට ප්‍රවාහන සේවා කිහිපයක් ආරම්භ කෙරෙන බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව තමිල්නාඩුව සහ අනෙකුත් ප්‍රාන්ත අතර බස් රථ ධාවනය හෙට සිටද මෙට්‍රෝ සේවා ලබන 07 වනදා සිටද යළි ආරම්භ කිරීමට නියමිතයි.
ඊට අමතරව හෝටල් / ලැගුම්හල් / මහා පරිමාණ වෙළඳ සංකීර්ණ සහ ආගමික ස්ථානද හෙට සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
බැංකු ඇතුලු රාජ්‍ය ආයතන වල මෙතෙක් අවසර දී තිබූ 50%ක සේවක ප්‍රතිශතය හෙට සිට 100%ක් දක්වා ඉහළ දැමීමටයි තමිල්නාඩු ප්‍රාන්ත රජය උපදෙස් දී ඇත්තේ.