දේශීය පුවත්

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක්

මෙරට තුල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ප්‍රතිශතයක් ලෙස එය සියයට 75 ක පහළ යාමක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

පසුගිය වසරේදී වාර්තාවූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන ලක්ෂයකට ආසන්නයි.

කෙසේ වෙතත් වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 26 000ක් පමණයි.

ඩෙංගු උණ වැළඳුනු රෝගීන් 157 දෙනෙකු පසුගිය වසරේදී මරණයට පත්වී ඇති අතර මෙම වසර තුල ඩෙංගු මරණ 25 ක් පමණක් වාර්තා වීමද විශේෂත්වයක්.

කොරෝනා වසංගත තත්වයත් සමග මාස 3 කට ආසන්න කාලයක් රටතුල ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ජනතාව තම නිවාස පරිශ්‍ර පිරිසිදු කිරීමට යොමුවීම ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවීමට ප්‍රධාන හේතුවක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button