දේශීය පුවත්

ඩයමන්ඩ් නෞකාවේ නැවතත් ගින්නක්

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින 1500 පැය පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වීමෙන් පසු නෞකාවේ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුවෙන් පාලනය කරන ලද ගින්න නැවත ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් ආපදා කළමණාකරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලදි.

එනමුත් ආපදාවට පත්වූ නෞකාව රඳවා තබාගෙන සිටින සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ හටගත් අධික සුළං ප්‍රවාහයන් නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑ‍ම මත පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇත.

AV Rase

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් මේ වන විට නැවත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button