දේශීය පුවත්

ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්නද සම්පුර්ණයෙන්ම පාලනය කරයි

නැගෙනහිර මුහුදේදී අනතුරට ලක්ව ඇති නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ගින්නත් සමග නෞකාව තුල පවතින අධික උෂ්ණත්වය සහ කාළගුණ තත්වයත් සමග ගින්න යළි හටගැනීමේ අවදානම පහවගොස් නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

නිව් ඩයමන්ඩ් නෞකාව මේවනවිට ස්ථානගතව පවතින්නේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවුක සැතපුම් 30ක් දුරින් ගැඹුරු මුහුදේයි.

නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සමුද්‍ර දූෂණයක් සිදුව ඇතිද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා මේවනවිට විශේෂ විමර්ශණයක්ද ක්‍රියාත්මකයි.

මේ සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය / නාරා ආයතනය / හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරික්ෂණ නිළධාරින්ගෙන් සමන්විත කන්ඩායමක් ඊයේ රාත්‍රිය වනවිට නෞකාව ආසන්නයට පැමිණ තිබූ අතර මේවනවිටත් එම පරික්ෂණ කටයුතු සිදුවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ගිනි ගැනීමකට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව අද දිනය පුරා ගුවනේ සිට නිරීක්ෂණය කල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ඒ සඳහා බීච් කින් 200 සහ වයි 12 ගුවන් යානයක් යොදාගත් බවයි ගුවන් හමුදාව නිවේදනය කලේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button