දේශීය පුවත්

ඩයමන්ඞ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ ඝණ දැවි තෙල් වර්ගයක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි එන්ජින් කාමරයේ තිබු ඝණ දැවි තෙල් වර්ගයක් බව තහවුරු වී තිබෙනවා.

ඒ රජයේ රස පරීක්ෂකවරයා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දී ඇති වාර්තාවට අනුවයි.

AV Rase

නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් පසුගියදා ලබාගත් ජල සාම්පල් විශ්ලේෂණය කර මෙම පරීක්ෂණ වාර්තාව සකස් කර තිබෙනවා.

ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දූෂණයක් සිදු වි ඇති බවට තහවුරු වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කලේ.

නෞකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා ලබා දුන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද අධිකාරිය සඳහන් කලා.

මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 70 ක් දුරිනුයි පවතින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button