ජෝ බයිඩ්න්ගෙන් විශේෂ ප්‍රකාශයක් – ට්‍රම්ප්ගෙන් ට්විටර් පණිවුඩයක්

ලෝක දේශපාලන හා ආර්ථික බලතුලනය තීරණය කරන ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තවමත් අවිනිශ්චිතව පවතිනවා.
ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිද්දී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ තමන් ජයග්‍රහණය කරා ගමන් කරන්නේ යැයි පෙනී යන බවයි.
කෙසේ නමුත් ඉවසීමෙන් යුතුව ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බව ඔහු සඳහන් කළා.
එවැනි ජයග්‍රාහී ප්‍රකාශයක් කලින් සිදුකිරීම සඳහා සූදානම්ව සිටි ජනපති ට්‍රම්ප් සඳහන් කළේ ඩිමොක්‍රටික් පක්ෂය තම ජයග්‍රහණය කොල්ලකෑමට සැරසෙන බවයි.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබුණා.
එහි දැක්වුණේ ‘‘අද රාත්‍රී මම ප්‍රකාශයක් නිකුත් කරනවා. ලොකු ජයග්‍රහණයක් “ ලෙසයි.
නැගෙනහිර වෙරළාසන්න ප්‍රාන්තවල සිට මිඩ් – වෙස්ට් කලාපය හරහා බටහිර වෙරළාසන්න ප්‍රාන්ත සහ ඇලෙස්කාව දක්වා ඇමරිකානුවන් ඡන්දය ප්‍රකාශ කර අවසන් වූයේ මීට පැයකට පමණ පෙරයි.
කෙසේ නමුත්, ප්‍රාන්ත රැසක ඡන්ද ගණන් කිරීම ද මූලික ප්‍රතිඵල අනුව, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින්නේ කොට්ඨාශ ඡන්ද 225 ක් හිමිකර ගනිමින්.
ජනපති ට්‍රම්ප්ට එහිදී හිමිව ඇත්තේ එම ඡන්ද 213 ක් පමණයි. ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස නම් කෙරෙනවා.
කෙසේ නමුත්, ජනගහනය අනුව, කොට්ඨාශ ඡන්ද වැඩි සංඛ්‍යාවක් සහිත තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ප්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ.
ජනපති ට්‍රම්ප් පසුගිය 2016 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එම තීරණාත්මක ප්‍රාන්ත ජයග්‍රහණය කිරීමෙන්.
කෙසේ නමුත්, මෙවර එම ප්‍රාන්තවල ද ජනපති ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර තියුණු සටනක් පවතින බව සඳහන්.
