දේශීය පුවත්
ජින්තුපිටියේ හමු වූ මුහුදු ආරක්ෂකයා පුද්ගලයා ගැන අනාවරණය වූ අලුත්ම දේ මෙන්න

කොළඹ 13 ජින්තුපිටියේ ප්‍රදේශයෙන් හමුවූ ඉන්දියාවේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයාහට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බව මේ වන විට වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඔහුට සිදු කළ PCR පරීක්ෂණ 05 තුලින් එය සනාථ වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ පුද්ගලයා ආශ්‍රය කළ පුද්ගලයින් 154 දෙනෙක් කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඉන් කිසිවෙක්ටවත් කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවයි.
ඒ අනුව අදාළ මුහුදු ආරක්ෂකයා රෝහලෙන් පිටත්කර යවා ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය 154 දෙනාද නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර යවා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.