ගොසිප් පුවත්

ජනප්‍රිය නිළි උදාරිගේ පළමු Dance Cover එක

උදාරි පෙරේරා කියන්නේ අති දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන මුලින්ම කතාබහක් ඇතිවෙන්නේ ප්‍රවේගය චිත්‍රපටය තුළින්. ප්‍රවේගය චිත්‍රපටයට දායක වීමට පෙර උදාරි නිරූපණ ශිල්පිනියක්. රංගනය තුළින් මෑත කාලයේදී උදාරිව දැකගන්නට නොලැබුණත් ඇය නිරූපණය තුළ නම් නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. ඒ වගේම ඇය ව්‍යාපාරිකාවක්ද වනවා. හැබැයි උදාරි දක්ෂ නර්තන ශිල්පිනියක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නම් නැහැ. ප්‍රවේගය චිත්‍රපටය තුළත් ඇය නර්තනයේ යෙදුණත් ඇය නර්තන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වුණේ නැහැ. කෙසේවෙතත් එය උඩුයටිකුරු කරමින් උදාරි තමන්ගේ පළමු Dance Cover එක පසුගිය දා යූ ටියුබ් වෙත එළිදක්වා තිබෙනවා. දමිළ චිත්‍රපටයක් වන Pushpa චිත්‍රපටයේ Saami Saami ගීතය තමයි ඇගේ Dance Cover සඳහා තෝරාගෙන තිබෙන්නේ.

කෙසේවෙතත් ඇගේ මෙම වීඩියෝට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවට ආරංචි වනවා.
එම වීඩියෝව පහතින්..

Back to top button