දේශීය පුවත්
ජනපති අද ලංකාගමට

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප‍්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවය.
