
මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂ ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ එම උපදේශක සභාව ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි.

සෑම මසකම 03 වැනි සතියේ සිකුරාදා දින බෞද්ධ උපදේශක සභාව රැස්වන අතර ඊයේ පැවැත්වුනේ 6වන සාකච්ඡා වටයයි.
ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා.
බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද ඊයේ (18) දිනයේදී සමාලෝචනය කර තිබෙනවා.