දේශපාලන පුවත්
ජනපතිගේ දෙහිඅත්තකණ්ඩියේ රැලිය අතරමඟ නවතී

දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා සමග සමීපව කටයුතු කළ ආශ්‍රිතයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් සමග ඍජුව සම්බන්ධ ආශ්‍රිතයන් 250ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.
ප්‍රදේශයේ ගමනාගමනය හැකිතාක් අවම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම කාර්යාලය කියා සිටිනවා.
අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ දෙහිඅත්තකන්ඩිය ජන හමුව ද අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.