දේශපාලන පුවත්

ජනපතිගේ ආරක්ෂක රිය පෙළ මහරගමදී අනතුරට ලක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මහරගම නගරයේ දී ඊයේ රාත්‍රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරෙන් රථ දෙකට සුළු අලාභ සිදුව ඇතත් කිසිවකුට අනතුරක් සිදුවී නැති බව පොලීසිය සඳහන් කරයි.

AV Rase

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ඔහුගේ රථයට පසුපසින් ගමන් ගත් ආරක්‍ෂක රථ ඉදිරියෙන් මහරගම නගරයේ දී සිදු ත‍්‍රිරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී අනතුර වළක්වා ගැනීමට තිරිංග තද කිරීම හේතුවෙන් පසුපසින් පැමිණි ජීප් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ජීප් රථ දෙක සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button