දේශපාලන පුවත්

ජනතාවට අසාධාරණයක් සිදුවන්න දෙන්නේ නැහැ – පෙරටත් වඩා වැඩි ජවයකින් ඡන්ද සටන අරඹනවා

තම මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට භාරදුන් බවත්, පවතින මැතිවරණ නීතිය අනුව කිසිදු අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වීමට නොහැකි බව පවසමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එය බාර නොගත් බවත් පාලිත තෙවරප්පෙරුම ඊයේ (08) දහවල් මැතිවරණ කොමිසම් කාර්යාලය අභියස දී පැවසුවා.

කැමතිනම් ප්‍රචාරණ කටයුතුවලට සහභාගි නොවී සිටිය හැකි බවත්, එහෙත් ඡන්ද දායකයන්ට තම අංකය වෙනුවෙන් ඡන්දය භාවිත කළ හැකි බවද සභාපතිවරයා මෙහිදී පැවසූ බව ඔහු සඳහන් කළා.

AV Rase

එසේ තමා ප්‍රචාරණ කටයුතුවලට සහභාගි නොවී නිහඬව සිටින විට කළුතර දිස්ත්‍රික්කයේ තම හිතවතුන් කොටසක් තමාට ඡන්දය භාවිත කළ විට අඩු මනාප ප්‍රමාණයක් ලැබීමෙන් තමා සමග සිටි කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් සිදුවන බවත්, ඒ නිසා තමාට ඉල්ලා අස්වීමට නොහැකි බැවින් පෙරටත් වඩා වැඩි ජවයකින් මෙවර මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button