විදෙස් පුවත්

ඡන්ද ගණන් කිරීම නැවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ට්‍රම්ප් කියයි – Video

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් මුළුමනින්ම නිකුත් කර නැතත්, ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කළ ජනපති ට්‍රම්ප් මැතිවරණය තමන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළා.

 

එමෙන්ම, ඉදිරියට සිදුකෙරෙන ඡන්ද ගණන් කිරීමේ කටයුතු සියල්ල අත්හිටුවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවයි ඔහු කියා සිටියේ.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්, ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ඨාශ ඡන්ද 270 කින් 220 ක් ජයග්‍රහණය කර සිටියදීයි.

 

එහිදී ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ එම ඡන්ද 213 ක් පමණයි.

 

කෙසේ නමුත්, ජයග්‍රාහකයා තීරණය කෙරෙන්නේ කොට්ඨාශ ඡන්ද වැඩි සංඛ්‍යාවක් පවතින ජනගහනයෙන් වැඩි ප්‍රාන්තවල ප්‍රතිඵල ලැබීමත් සමඟයි.

 

එම ප්‍රාන්තවල තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත විය හැකි බව සඳහන්.

 

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ඇමෙරිකානුවන් විශාල පිරිසක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට පෙළඹුණා.

 

එම ඡන්ද ගණනය කිරීම තමාට අවාසිදායක විය හැකි බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා එය අත්හිටුවීම ජනපති ට්‍රම්ප්ගේ අරමුණයි.

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකදී වැඩි වාසියක් ඔහුට හිමිවන්නේ එහි විනිසුරුවන් 9 දෙනාගෙන් 6 දෙනෙකුම ජනපති ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන් ජනාධිපතිවරුන් පත් කළ අය වීම හේතුවෙන්.

 

කෙසේ නමුත්, ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි.

 

අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button