දේශීය පුවත්
චොකා මල්ලිට අධිකරණයෙන් මරණ දඬුවම

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චොකා මල්ලි‘ හෙවත් ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියම කර තිබේ.
ඒ 2015 ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයේ අධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය විසින් තවත් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කරන ලදී.
ප්‍රේමලාල් ජයසේකර මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා භාර දී තිබේ.