චෙන්නායි පිලේ සුපිරි ක්‍රීඩකයන් දෙපලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සියලු තරඟ රටා තුලින් තමා සමුගැනීමට සුදානම් බවය.
දෝනි එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ද නියමිතව සිටියහ.
මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවෙකු වූ සුරේෂ් රයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
ඔහු ද එය නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.
හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය විශ්‍රාම ගැනීම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර සුළු මොහොතකට පසුවයි රයිනා තම තීරණය ද මෙලෙස දැනුම් දීම විශේෂත්වයක් වනවා.
කෙසේ වෙතත්, දෝනි සහ රයිනා එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතය.