චීනයේ ඇවිදින ගොඩනැගිල්ල

පසුගිය දිනක චීනයේ ෂැන්හයි ප්‍රදේශයේ ජනතාව ට විශ්මිත අත්දැකීමක් අත්විඳීමට වාසනාව හිමිවිය.
ඔවුන් දුටුවේ විශාල ගොඩනැගිල්ලක් ඇවිදින ආකාරයයි.

එහිදී ඉංජිනේරුවන් පිරිසක් එක්ව රොබෝ තාක්ෂණය භාවිත කර අවුරුදු 85ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, එයට හානියක් නොකර තිබෙන ස්ථානයේ සිට වෙනත් ස්ථානයක ස්ථාපිත කර තිබේ.
ඒ සඳහා ඔවුන් “Walking machine” නම් තාක්ෂණය යොදාගෙන ඇත.
නගරයේ පිහිටි පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කිරීමේ එක පියවරක් ලෙස ඔවුන් එසේ කර තිබේ.
පස් මහල් ගොඩනැගිල්ලක් වූ එම ගොඩනැගිල්ලේ යට අඩිතාලම තෙක් හාරා පසුව ඊට රොබෝ තාක්ෂණයෙන් එහා මෙහා කළ හැකි පාද 200ක් පමණ සවිකර තිබේ.
එම ආධාරක රොබෝ පාද කණ්ඩායම් දෙකක් ලෙස ලෙස ක්‍රියාකරවා තිබේ. ඒ මිනිසෙක් ඉදිරියට ගමන කරන ආකාරයට ය.
මෙම ගොඩනැගිල්ලේ පිහිටුවා ඇත්තේ ප්‍රාථමික පාසැලකි. මෙම ස්ථානයේ කාර්යාල සංකීර්ණයක් සෑදීමට නියමිත ය.
දින 18ක් පුරා එම පැරණි ගොඩනැගිල්ල මීටර් 60ක් පමණ දුරකට ගෙන ගොස් ස්ථාපනය කර තිබේ.