“චමීරට එදා මම හොඳ කනේ පහරක් ගැහුවා” ටීනා කියපු කතාව

සිරස නාලිකාව මඟින් “සකූගේ ලෝකය” ටෙලි සිත්තමේත්, ස්වර්ණවාහිනිය මඟින් විකාශනය කරන, “වලවෙට්ටුවා” ටෙලි සිත්තමේ “වෙල්මා” චරිතයෙනුත්, හරි අපූරුවට රංගනයේ යෙදෙන ඇය තමයි, ලස්සන රූ සපුවකට හිමිකම් කියන සුරූපි රංගන ශිල්පිනිය, ටීනා කියලා කියන්නේ.

ඉතින් ටීනා කිවුවම නොදන්න කෙනෙක් නෑ නේ. ඒ තරමතට මුළු රටේම ප්‍රසිද්ධ කලාකාරිනියක තමයි ටිනා කියන්නේ. කුඩා කාලයේ ඉදන් නිරූපණ ක්ෂේත්‍රයට ඉතා ලැදිකමක් දක්වන ටීනා, කලාවට පිවිසෙන්නට කලියෙන් ඒ ගැන හොදින් අධ්‍යනය කරලා ඉගෙන ගෙනත් තියනවා වගේම,

ටීනා නම් කියන්නේ “වෙළඳ දැන්වීම් වල රඟපාන්නට ලැබිමත්, විලසිතා නිරූපණය කිරිම තුළිනුත්, කලා ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්නට ඇයට අවස්ථාව ලැබුණා” කියලත් ය.

ඉතින් ඔන්න ජිම් එකට වුණත් හරි අඩුවෙන් යන ටීනාට, “ශරීර හැඩය ලැබිලා තියෙන්නේ උප්පත්තියෙන්ම යි කියලාත් වගේම, ඒ කොහොම වෙතත්, ඇග ලස්සනට තියාගන්න ආහාර පාලනය එහෙමත් කරනවා කියලත්,

“චොක්ලට්”කියල කියන්නේ කෑමට කොච්චර නම් ආස කරන දෙයක් වුණත් ඒකත් සීමා කරලා තියනවා කියලත්, බර වැඩි වෙනවා වගේ දැනෙද්දී අනිවාර්යනේම “ජොගින්” ”යනවා කියලත්, ටීනා හරි අපූරුවට කියනවා.

රංගන ක්ෂේත්‍රයට තවමත් ආධුනික ටීනා කියන්නේ, “සාර්ථක රංගනයක් ඉදිරිපත් කරන්නට නම් අනෙක් චරිතවලින් පවා ලැබෙන සහයෝගය ගොඩාක් වැදගත් වෙනවා කියලත්, මේ රඟපාන චරිතයට යම් සාධාරණයක් ඉටු වුණා නම් ඒකෙ ගෞරවය, චමීර රංගන ශිල්පියාටත් අයිතියි කියලත්,

“වෙල්මා” විදියට රඟපාද්දී චමීර ට කනේ පාරක් ගහන්න තිබ්බා කියලත්, ඉතින් ඒකට “කමක් නෑ අත දිග හරලා ගහන්න” කියලා චමීර කිවුව කියලත්, ඉතින් ටීනාට “වෙල්මා” චරිතය ඉතාමත් හොඳින් කරන්නට පුලුවන් වුණා” කියලත් ටීනා රංගන ශිල්පිනිය කියනවා.

ඉතින් ටීනා කියනවා, “වලවෙට්ටුවා” එකේ රඟපාන්න කලින්, තිර පිටපත හොඳින් කියවැවුව කියලත්, ඒ නිසා හොඳින් චරිතය හිතේ මැවුණා කියලත්,

ඒ වගේම “වෙල්මා” චරිතයේ සියුම් තැන් පවා ඉතාමත් හොඳට අධ්‍යයනය කරා කියලත්, “වෙල්මා” චරිතය රඟපාද්දි වුණත් ඒ විදියට චරිතය ගැන තව තවත් අධ්‍යයනය කරා” කියලාත් ය.

ඉතින් ඔන්න බටහිර පන්නයේ චරිතවලට පමණක් සිමා වෙලා රඟපාපු ටීනාට, ඉන් ඔබ්බට ගිහින් ද අපූරු ලෙස විවිධ චරිතයන් ඔස්සේ රඟපෑමට පුලුවන් කියලා, “වලවෙට්ටුවා” නාට්‍යයේ ඇගේ අපූරු තාත්වික රංගනය මඟින්, ඇය හරි අපූරුවට පෙන්වලා තියනවා,

අපිට දැක බලා ගන්නට පුලුවන්. ඉතින් ඒ වගේම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් තව තවත් විවිධාකාර වූ චරිත නිරූපණය කිරීමට, ඉදිරියේ දි ටෙලි නිර්මාණ ඔස්සේ ඇයට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලාත්,

ජීවිතේ ලස්සනට සතුටින් සාර්ථකව ගෙවන්න තමයි එකම බලාපොරොත්තුව” කියලාත්, ටීනා මේ අපූරු කලාකාරිනිය හරිම ආදරෙන් තමයි කියන්නේ.

 

Exit mobile version