දේශීය පුවත්

ගොඩනැගිල්ල කඩා වැටීම කලින් දැනුම් නොදීම ගැන හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගනු බෑ

No legal action can be taken against the owner for not giving advance notice of the building collapse

එකම පවුලේ තුන්දෙනෙකුට ජීවිත අහිමි කරමින් මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පසුගිය ඉරිදා ගොඩනැගිල්ලක් කඩා වැටීම සිදුවන අවස්ථාවේදී ඒ පිළිබඳව අසල්වාසීන්ට කලින් දැනුම් නොදීම සම්බන්ධයෙන් අදාල පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නොමැති බව පොලිසිය පවසනවා.

අනතුර පිළිබඳව කලින් දැන සිටියේ නම් එය වහාම අසල්වාසීන්ට දැනුම්දීම සදාචාරාත්මක යුතුකමක් මිස එය වරදක් ලෙස සැලකීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්ණයකට පිළීතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී යම් වරදක් සිදුකර ඇත්නම් එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button