දේශීය පුවත්
ගුවන් තොටුපොල විවෘත කිරීම ලබන වසර දක්වා කල් යන ලකුණු
Airport opening is likely to be postponed until next year

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලබාගෙන ලබන වසරේ (2021) මුල් මාස කිහිපය ඇතුළත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසනවා.
කොරෝනා වසංගතය දෙසැම්බර් මාසයේ ඇතිවෙන සීත දේශගුණයත් සමග යුරෝපය ඇතුළු රටවල උග‍්‍ර විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි පැවසූ ඇමැතිවරයා මෙම තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම ප‍්‍රමාද වන බවයි.

කොරෝනා වසංගත සමයේ ගුවන්තොටුපළ විවෘත කළ රටවල් රැසකම නැවත කොරෝනා රෝගය පැතිරී ගිය බවත් ඉන් එම රටවලට පාඩු පිට පාඩු සිදුවූ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.